මෙරට උපසම්පදාවේ 270 වැනි සංවත්සරය සැමරීමේ වැඩසටහනකට එරෙහිව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ගජේන්ද්‍රන් ප්‍රමුඛ පිරිසක් ත්‍රිකුණාමලය මහජන ක්‍රීඩාංගනය ඉදිරිපිට පුරාවිද්‍යා භූමිය අසලදී පැවැත්වූ විරෝධතාවයක් පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය විසින් මැයි 14 දින විසුරුවා හැර තිබෙනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විරෝධතාකරුවන් පලවා හැරීම සඳහා විරෝධතාව පැවැත්වෙන ස්ථානයට වැඩම කරද්දී ඇති විය හැකි ගැටුමක් හා සාමයට බාධාවක් ඇතිවීම වැළැක්වීම සඳහා පොලිසිය මෙම පියවර ගෙන තිබිණි.
සියම් බෞද්ධ භික්ෂූන් වහන්සේලා 50 නමකගේ සහභාගිත්වයෙන් ත්‍රිකුණාමල මහජන ක්‍රීඩා පිටියේ පැවැත්වීමට නියමිතව තිබූ සමරු වැඩසටහන දෙමළ දේශපාලනඥයන්ගේ විරෝධතාව හේතුවෙන් එය අත්හිටුවීමට සිදුවුණා.
පසුව ත්‍රිකුණාමලය නගරයේ ප්‍රති විරෝධතාවක් පැවැත්වූ භික්ෂූන් වහන්සේලා, දහම් පාසල් ගුරුවරුන් සහ ප්‍රදේශවාසීන් දෙමළ දේශපාලනඥයින්ගේ විරෝධතාව පැවති ස්ථානයට පා ගමනින් යමින් සිටියදී මෙලෙස එහි පැවති විරෝධතාවය විසුරුවා හැර තත්වය පාලනය කර තිබුණා.
මේ අතර උතුර සහ නැගෙනහිර පළාත් තුළ පිහිටි බෞද්ධ පුරා විද්‍යා ස්ථාන වෙත ඇතුළු වී බෞද්ධ නටබුන් ඉවත් කොට හින්දු ප්‍රතිමා තැන්පත් කිරීමේ උත්සාහයන් ද දිගින් දිගටම වාර්තා වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග පවසයි.
මේ අතර උතුර සහ නැගෙනහිර යන පළාත් තුළ බෞද්ධ කටයුතු සිදුනොකරන ලෙස යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයින් පිරිසක් මැයි 12 දින විරෝධතාවයක් පවත්වා රජයට තර්ජනය කරමින් පවසා සිටියේ එම ක්‍රියාවලිය නතර නොකළහොත් උතුර සහ නැගෙනහිර විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් සියලු දෙනා රැගෙනවිත් විරෝධතා සිදුකරන බවටයි.

