උතුරේ බෞද්ධ උරුමය සම්බන්ධයෙන් විවිධ පාර්ශව ප්‍රශ්න කරමින් සිටින පසුබිමක කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ පිහිටි ශිව කෝවිලක් පිටුපසින් වසර 2,400කට වඩා පැරණි ශ්‍රී පතුලක් හා තවත් බෞද්ධ පුරා වස්තු රැසක් හමුවී තිබෙනවා.
ඒ මහාචාර්ය සිවසුබ්‍රමනියම් පද්මනාදන් විසින් කළ පරීක්ෂාවක දී ය. මහාචාර්යවරයා පවසන්නේ මේ ස්ථානයෙන් මීට වසර හතරකට පමණ ඉහතදී මැටි භාණ්ඩ කීපයක කොටස් ද සොයාගෙන තිබුණත් ඒවා කෝවිලට අයත් භාණ්ඩ ලෙස කෝවිල් පාලන අධිකාරිය තීරණය කොට කෝවිල තුළ තැන්පත් කොට ඇති බවයි.
මෙවර හමු වූ ශ්‍රී පතුල ඇතුළු බෞද්ධ නටබුන් කිහිපය පරීක්ෂා කිරීමෙන් පසු මහාචාර්ය එස්. පද්මනාදන් පවසන්නේ මෙම කෝවිල පිහිටි ස්ථානය ඉතිහාසයේ චෝල රජුගේ කාලය දක්වා අතීතයට විහිදී යන බවයි. එම පුරා වස්තු යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය වෙත රැගෙන ගොස් සංරක්ෂණය කළ යුතු බවටද මහාචාර්යවරයා නිර්දේශ කොට ඇත.
මේ සම්බන්ධයෙන් කළ සොයාබැලීමක දී අනාවරණය වී ඇත්තේ 1956 වසරේ දී මෙම ස්ථානයෙන් බෞද්ධ පුරාවස්තු රැසක් හමු වී ඇති බවයි. එකල එහි වෙනත් ආගමික ඉදිකිරීම් නොපැවති අතර ඉන් වසර 20කට පමණ පසු වර්තමාන උරුතිරපුරම් ශිව කෝවිල එම ස්ථානයේ ඉදිකොට ඇති බව අනාවරණය වී ඇත.
එසේම උතුරු පළාතේ බෞද්ධ උරුමයන් විනාශ කිරීමේ සංවිධානාත්මක කණ්ඩායම් ක්‍රියාත්මක බවත්, හින්දු ප්‍රතිමා එවැනි ස්ථානවල වල දැමීමට උත්සාහ කරන බවත් උතුරු පළාත් පුරා විද්‍යා නිලධාරීන් වරින් වර සිය වාර්තා මගින් පෙන්වා දී ඇත.

