පාර්ලිමේන්තු මහලේකම්ධූරයට නීතිඥ කුෂානි රෝහණධීර පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිව 2023 මැයි 23 දින සිට පාර්ලිමේන්තු මහලේකම්ධූරය සඳහා ඇය පත්කොට ඇති බවයි.
කුෂානි රෝහණධීර වත්මන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරිය ලෙස කටයුතු කරනු ලබයි. පාර්ලිමේන්තු මහලේකම්ධූරයට පත්වන දෙවන කාන්තාව කුෂානි රෝහණධීර වන අතර 2002-2008 කාල සීමාව තුළ මහලේකම්ධූරයේ කටයුතු කළ ප්‍රියානි විජේසේකර පළමු පාර්ලිමේන්තු මහලේකම්වරියයි.
කුෂාණි රෝහණධීර 2012 වසරේ සිට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම්වරියක ලෙස කටයුතු කළ අතර හිටපු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල අභියාචානාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීමත් සමග නියෝජ්‍ය මහලේකම්ධූරයට 2020 දෙසැම්බර් මස දී පත් වී තිබේ.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක වන කුෂානි රෝහණධීර කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබා ඇති අතර පසුව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයෙන් නීතිවේදී උපාධිය සම්පූර්ණ කර තිබේ. ඒ අනුව නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගය සමත්ව ශ්‍රේෂ්ඨාධීකරණයේ නීතිඥවරියක ලෙස දිවුරුම් දුන් ඇය 1999 වසරේ දී පාර්ලිමේන්තු නිලධාරිනියක ලෙස ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ සේවයට එක්ව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ විවිධ දෙපාර්තමේන්තු සහ කාර්යංශ ගණනාවක සේවය කර ඇත.

