දේශීය පුවත්

තමන් අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බවට තීන්දු කරන්නැයි ඉල්ලූ ෂාෆිගේ පෙත්සම ඉවත දමයි

වඳ සැත්කම් චෝදනා එල්ල වී පසුව වත්කම් අයතා ලෙස ඉපැයීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි වෛද්‍ය මොහොමඩ් සාෆි ශිහාබ්දීන් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මැයි 16 දින නියෝග කළේය.

දීර්ග ලෙස කරුණු දක්වමින් තමන්ව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන රඳවාගැනීම නීතිවිරෝධී බවට තීන්දු කරන්නැයි ඉල්ලූ එවකට කුරුණෑගල රෝහලේ සේවය කරමින් සිටිය දී අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා සිය පෙත්සම මගින් ඉල්ලා තිබුණේ අදාළ අත්අඩංගුවට ගැනීමෙන් සහ රඳවා ගැනීමෙන් සිය මානව අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තින්දු කරන ලෙසයි.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමකින් අනතුරුව විජිත් මළල්ගොඩ, යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් තීන්දුව ප්‍රකාශයට පත් කර තිබුණි.

මෙහිදී පෙත්සම්කරු අත් අඩංගුවට ගෙන ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට පසු ඊට ආසන්න කාලයේ බවත් ඔහු විසින් උපයා ගත් ආකාරය හෙළි කිරීමට අසමත් කෝටි 40 ක වත්කම් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අත් අඩංගුවට ගැනීම සාධාරණ බවත් ඒ අවස්ථාවේදී ඔහුව අත් අඩංගුවට ගැනීමට සාධාරණ හේතුවක් තිබී ඇති බැවින් එලෙස අත්අඩංගුවට ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩවී නොමැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ තීන්දු දෙමින් ප්‍රකාශ කළේය.

Rivira FB Group Rivira Youtube
To Top