Updated
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මැයි 16 දින දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් විදේශ ගමන් තහනමක් ලබාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඉස්ලාම් සහ හින්දු ආගම්වලට සහ බුදුන්ට එරෙහිව සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයන් සම්බන්ධයෙන් මේ වන විට CID පරීක්ෂණයකට මුහුණ දී සිටින ස්වයං ප්‍රකාශිත ජෙරම් ප්‍රනාන්දු මේ වනවිට රටින් පලා ගොස් ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ ප්‍රොපට් ජෙරම් අද අලුයම සිංගප්පූරුව බලා පිටත් වී ඇති අතර ඉක්මනින්ම වෙනත් ගමනාන්තයකට පිටත් වනු ඇති බවටයි.
එම වාර්තාවට අනුව ඔහුට අවම වශයෙන් තවත් රටවල් දෙකකට වීසා ඇති බවත්, ඔහු ඉන් එකක් සඳහා පිටත්ව යාමට අපේක්ෂා කරන බවත්ය.
කෙසේ වෙතත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ ගුවන් තොටුපල ආරංචි මාර්ග පැවසුවේ, ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු නම් ය රටින් පිටව ගියේද යන්න පිළිබඳ කිසිදු තොරතුරක් නොමැති බැවින් එය නිල වශයෙන් තහවුරු කළ නොහැකි බවයි.

