2009 මැයි 18 දින මුල්ලිවෛක්කාල් හී දී මියගිය “දෙමළ ජනතාව” සැමරීම සඳහා සුදු මල් රැගෙන පැමිණෙන්නැයි අරගලයේ ප්‍රමුඛ කාර්ය භාර්යක් සිදුකළ ජීවන්ත පීරිස් පියතුමා ආරාධනා කර සිටී.
කෙසේ වෙතත් හමුදා වාර්තාවන්ට අනුව 2009 මැයි 18 දින සහ ඊට ආසන්න දිනවල දී මියගොස් ඇත්තේ කොටි ත්‍රස්තවාදීන් වන අතර ත්‍රස්තවාදී නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ මෘත දේහය සොයා ගනු ලැබුවේ මුල්ලිවෛක්කාල් හී නන්දිකඩාල් කලපුව ආසන්නයේ දී ය. යුද්ධයේ දී මිය ගිය දෙමළ ජනතාව සිහිපත් කිරීමට මැයි 18 දින යොදා ගැනීම සහ ඒ සඳහා මුල්ලිවෛක්කාල් තෝරා ගැනීම සිදුවන්නේ මෙවන් පසුබිමක් යටතේ වීම හේතුවෙන් මෙම සැමරීම් දෙමළ ජනතාව සැමරීමක් ලෙස නොව ත්‍රස්තවාදීන් සැමරීමක් ලෙස ත්‍රස්තවාදයට එරෙහි ජනතාව විශ්වාස කරයි.
ජීවන්ත පියතුමා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින්. කෙසේ වෙතත් එම සටහනට බොහෝ දෙනෙකු විරෝධය පළ කර අදහස් දක්වා ඇති බව ද නිරීක්ෂණය වේ.
“මැයි 18 – මුල්ලිවෛක්කාල්හි 2009දී මියගිය දෙමළ ජනතාව උදෙසා උතුරු නැඟෙනහිර පවත්වනු ලබන සැමරුම්වලට සමගාමී සමරුවක්, උදෑසන 10.30ට බොරැල්ල කනත්ත වටරවුමේදී පැවැත්වේ.
සියල්ලන්ටම ආරාධනා. – ඔබ එන විට සුදු මල් රැගෙන එන්න.
மே 18 – 2009 ஆம் ஆண்டு முள்ளிவாய்க்காலில் கொல்லப்பட்ட தமிழர்களுக்கான நினைவேந்தல் நிகழ்வு, வடக்கு மற்றும் கிழக்கில் அனுஷ்டிக்கப்படும் நினைவேந்தல்களுக்கு ஒத்திசைவாக பொரளை மயானம் சுற்றுவட்டத்தில் காலை 10.30 மணிக்கு நடைபெறவுள்ளது. அனைவரும் வருக – தயவு செய்து கலந்து கொண்டால் வெள்ளை பூக்களை உடன் கொண்டு வாருங்கள்.
May 18 – A remembrance event for the Tamil people killed in Mullivaikkal in 2009, will be held at 10.30am, at the Borella Cemetery roundabout in solidarity with the commemorations being held in the North and East. All are welcome – please bring white flowers along with you if joining.”

