දේශීය පුවත්

චාල්ස්, ලක්ෂ්මන් හා තොණ්ඩමන්ට ආණ්ඩුකාරධූර

නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් මැයි 17 දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව, වයඹ පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පත් වූ අතර, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ හිටපු නිලධාරියෙකු හා මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයෙකු වූ පී.එස්.එම්. චාල්ස් උතුරු පළාත් ආණ්ඩුකාරවරිය ලෙසත්, මධ්‍යම පළාත් හිටපු අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙසත් පත් කෙරුණා.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද සහභාගී විය.

Rivira FB Group Rivira Youtube
To Top