සමගි ජනබලවේගයේ නායක, විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු සමඟ සම්බන්ධකම් පැවැත්වූ බවට සැකයක් පවතින බැවින් විපක්ෂ නායකවරයා ඒ සම්බන්ධයෙන් සිය ස්ථාවරය හෙළි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් චෝදනා කරයි.
මැයි 17 දින මාධ්‍ය හමුවකට එක්වෙමින් හැරිසන් ප්‍රශ්න කළේ විපක්ෂ නායකවරයා මේ සම්බන්ධයෙන් නිහඬව සිටින්නේ මන්දැයි යන්න ගැටළුවක් බවයි.
“ජෙරම් දේවගැතිවරයා බුදුන් වහන්සේ ගැන අපහාසාත්මක ප්‍රකාශ කර තිබුණා. මෙම දේවගැතිවරයා සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කරලා තිබුණා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ දේවගැතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා තිබෙනවා. මේ දේවගැතිවරයා කරන ප්‍රකාශ නිසා ආගමික සහ වාර්ගික සහජීවනයට බාධා ඇති වෙන්න පුලුවන්. විපක්ෂ නායකතුමා මේ ගැන නිහඬ ඇයි කියලා අපිට ප්‍රශ්නයක්. ඔහුට දේවගැතිවරයා සමඟ යම් සම්බන්ධයක් තිබෙනවාද යන්න අපට සැකයි.” හිටපු මන්ත්‍රීවරයා පැවසීය.

