දේශීය පුවත්

කැනේඩියානු අගමැතිගේ “දෙමළ ජන සංහාර” කතාව ගැන එරට මහකොමසාරිස් කැඳවා ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කරයි

දෙමළ කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද ජයග්‍රහණයේ 14 වැනි සංවත්සරය සහ ජාතික රණවිරු සැමරුම් දිනය ශ්‍රී ලංකාව මැයි 19 දින පාර්ලිමේන්තුව අසළ රණවිරු ස්මාරකය අභියස දී සමරනු ලැබිණි. මේ අතර ශ්‍රී ලංකාව යළිත් වරක් කැනඩාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික ගැටුමකට යොමු කරමින් කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ මැයි 18 දිනය ‘දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය’ ලෙස හඳුන්වමින් දැඩි වර්ගවාදී ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේ දේශීය වශයෙන් ක්‍රියාත්මක සංහිඳියා ක්‍රියාවලියට උපකාරී නොවන අදාළ ප්‍රකාශය ශ්‍රී ලංකාව තරයේ හෙළා දකින බවයි.

ඒ අනුව විදේශ අමාත්‍යාංශය විසින් කොළඹ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් කැඳවා කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ මැයි 18 වැනිදා ‘දෙමළ ජන සංහාර සතියක්’ ලෙස හඳුන්වමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දැඩි විරෝධය පළ කර තිබේ.

විදේශ අමාත්‍ය අලි සබ්රි මේ බව තහවුරු කරමින් පැවසුවේ මැයි 19 පෙරවරුවේ කැනෙඩියානු මහකොමසාරිස් කැඳවා අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් අපගේ දැඩි විරෝධය ඔහු වෙත දැනුම් දුන් බවයි.

Rivira FB Group Rivira Youtube
To Top