දේශීය පුවත්

ජෙරම් අද ලංකාවට, අත්අඩංගුවට ගත හැකියි – පොලිසිය, “මයිලකටවත් හානියක් වෙන්නෙ නෑ”

ඉස්ලාමය, හින්දු ආගම සහ බදුන්ට අපහාස කළ ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු අද (මැයි 21) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එලෙස පැමිණීමේ දී අධිකරණ නියෝගය අනුව අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව පසුගිය දා ප්‍රකාශ කළා.

ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් පැමිණිලි 8කට වැඩිය ලැබී ඇති බව පොලිසිය පවසනවා. එසේම ඔහු සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝග කර ඇත. මේ අතර ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවට රිට් පෙත්සමක් ගොනු කිරීමට ද සිවිල් සංවිධාන පියවරගෙන ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයින් පවසන්නේ ජෙරම් ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීමක් සිදුනොවනු ඇති බවයි. එවැනි තීරණයක් ගැනීමට තරම් ශක්තිමත් නායකයින් මෙරට නොමැති බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව, “ජෙරම්ගේ මයිලකටවත්” හානියක් නොවනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පවසනවා.

මේ අතර ජෙරම් ප්‍රනාන්දු සිය මෙහයන් පවත්වන “මිරකල් ඩෝම්” නමැති නවීන සම්මන්ත්‍රණ ශාලාවක් ගොඩනැගීම සම්බන්ධයෙන් ද බරපතල චෝදනා එල්ල වෙමින් තිබේ. ටෲත් විත් චමුදිත යූටියුබ් නාලිකාව සමග සාකච්ඡාවකට එක්වෙමින් මාධ්‍යවේදී කීර්ති රත්නායක අනාවරණය කොට තිබුණේ එම ඉඩම රජයේ ඉඩමක්ව පැවත පසුව ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා පර්චසය රුපියල් 50 බැගින් ලබා දී ඇති අක්කර 10ක ඉඩමක් බවයි. එය ලබාගත් ව්‍යාපාරිකයා එය ජෙරම්ට ලබා දී ඇත්තේ කෙසේදැයි කීර්ති රත්නායක ප්‍රශ්න කර සිටී. එසේම එතරම් විශාල සම්මන්ත්‍රණ ශාලාවක් ඉදිකිරීමට මුදල් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතු බව ඔහු පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top