දේශීය පුවත්

“මං කිව්වේ ඇත්ත, කවදා හරි ලංකාවට එනවා, නීතිඥවරු එන විදිය හදනවා” – ප්‍රොපට් ජෙරම් සමාව අයැදිමින් කියයි

ඉස්ලාමය, හින්දු ආගම සහ බදුන්ට අපහාස කළ ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු අද (මැයි 21) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ නමුත් ඔහු අද දින නොපැමිණීමට තීරණය කර තිබුණා. ඒ අනුව අද දිනට යොදාගෙන තිබූ යාඥා මෙහෙය ද මාර්ගගත ක්‍රමය ඔස්සේ වෙනත් ස්ථානයක පැවැත්වීමට කටයුතු යොදා තිබුණා.

කෙසේ වෙතත් එම දේශනය අතරතුර ප්‍රොපට් ජෙරම් සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් කියා සිටියේ තම පල්ලිය කිසිවිටෙක වෛරී සහගත ප්‍රකාශ නිකුත් නොකරන බවයි. එසේම තමන් අගාපේ පැහැදිලි කරමින් අනෙකුත් ආගම් සමග සන්සන්දනය කරමින් සිදුකළේ සත්‍ය පැවසීම පමණක් වන බවත්, එයින් බෞද්ධ පූජකයින් ඇතුළු අනෙකුත් ජාතීන්ගේ සිත් රිදීමක් ඇති වූයේ නම් ඒ සම්බන්ධයෙන් පමණක් තමා සමාව ඉල්ලා සිටින බවත්, සත්‍ය පැවසීම සම්බන්ධයෙන් කිසිවිටෙක සමාව ඉල්ලීමක් සිදුනොකරන බවත් ප්‍රොපට් ජෙරම් කියා සිටියා.

තමන් රටවල් 150ක් අතුරින් තමන් ශ්‍රී ලංකාව වෙනුවෙන් තෝරාගෙන ඇති බවත් අනිවාර්ය ලෙසම නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් ඔහු කියා සිටි අතර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන ආකාරය තමන්ගේ නීතිඥවරුන් සකසමින් ඇති බව ද කියා සිටියා.

කෙසේ වෙතත් ප්‍රොපට් ජෙරම් නැවත පැමිණීමේ දී අධිකරණ නියෝගය අනුව අත්අඩංගුවට ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව පසුගිය දා ප්‍රකාශ කළා.

Rivira FB Group Rivira Youtube
To Top