ව්‍යාජ ගමන් බලපත්‍රයකින් පැමිණි චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේ දී අත්අඩංගුවට ගෙන පසුව මුදා හැර ඇති බව තමන් වෙත මාධ්‍ය මගින් දැන ගැනීමට ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සඳහන් කළා.
මැයි 22 දින මාධ්‍ය හමුවක දී ඔහු කළේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් ද මාධ්‍ය මගින් දැනගත් අතර එහිදී වරදක් සිදුව ඇති බව පිළිගන්නා බවයි. එසේම මාධ්‍යවේදියෙකු විමසා සිටියේ අදාළ පුද්ගලයා නිදහස් කරන ලෙස ඉල්ලා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු ලිපියක් මගින් බලපෑම් කර තිබීම සම්බන්ධයෙන් පියවර ගන්නේ යනුවෙනි. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඊට අදාළ ආගමන විගමන නිලධාරීන්ට එරෙහිව විමර්ශනයක් සිදුකරන බවයි. නමුත් රාජ්‍ය අමාත්‍යවරයා ලිපියක් යොමු කිරීම සාමාන්‍ය ක්‍රියාවක් බවත් එහි වරදක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළා.

