දේශීය පුවත්

ගිවිසුම අත්සන් තබයි, සයිනොපෙක් ශෙඩ් ළඟදීම ඔබේ නගරයටත්

ශ්‍රී ලංකාව තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ගිවිසුමක් සඳහා Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සමඟ ගිවිසුම අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පවසයි.

මැයි 22 දින නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ නිර්දේශ අනුව, දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුවක් සඳහා Sinopec Fuel Oil Lanka (Pvt) Ltd සමාගම සහ චීනයේ සහ සිංගප්පූරුවේ පිහිටි එම එහි මව් සමාගම සමඟ සාකච්ඡා අවසන් කර ඇති බවයි.

ඒ අනුව, ඊට අදාළ ගිවිසුම මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අත්සන් කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top