දේශීය පුවත්

“මගේ ජීවිත කාලය තුළ, ක්‍රිස්තියානිකාරකම මෙරට සුළුතරය නොවනු ඇත” ජෙරම්ගේ තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට

ඉස්ලාමය ඇතුළු ආගම්වලට අපහාස කළ බවට චෝදනා එල්ල වී මේ වනවිට රටින් පිටව සිටින ස්වයං ප්‍රකාශිත ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු විසින් සිදු කරන ලදැයි කියන තවත් ප්‍රකාශයක් සම්බන්ධයෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනාවරණයක් සිදුකොට තිබෙනවා.

සුදා ක්‍රියේෂන් යූටියුබ් නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඥානසාර හිමියන් සඳහන් කරන්නේ “මේ රට ක්‍රිස්තියානි රාජ්‍යක් කළ යුතු බවට ප්‍රකාශ” කරන අදහස් පවා ජෙරම් ප්‍රනාන්දු විසින් සිදුකොට ඇති බවයි. එම වීඩියෝ පටය ද ප්‍රචාරය කරමින් උන්වහන්සේ මේ බව අනාවරණය කර සිටියා.

In my life time, christianity will not be a minority in this country.

– Prophet Jerome Fernando

Rivira FB Group Rivira Youtube
To Top