දේශීය පුවත්

ජනක රත්නායක ඉවත් කිරීමට පාර්ලිමේන්තුව පක්ෂ වෙයි

මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක එම ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වූ බව කතානායකවරයා නිවේදනය කළේය.

ඒ මැයි 24 දින ඒ සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීමේ දී එම යෝජනාවට පක්ෂව ඡන්ද 123ක් හා විපක්ෂව ඡන්ද 77ක් ලැබීමත් සමගයි. මෙම යෝජනාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් විසිනි.

සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දී ඇති අතර ආණ්ඩුවට සහය දෙමින් සිට ඊයේ දිනයේ නීතිවිරෝධී ලෙස රත්‍රන් ගෙන ඒ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රි රහීම් යෝජනාව විරුද්ධව ඡන්දය ලබා දී ඇත.

Rivira FB Group Rivira Youtube
To Top