දේශීය පුවත්

“සුද්ධෝදනගේ ළමයා” ගැන විකට කතා කියූ නටාෂා සමාව ඉල්ලයි

“අර සුද්ධෝදනගේ ළමයා ඉපදුණු දවසෙම ඇවිද්දා. “අර සුද්ධෝදනගේ පොඩි එකා ඉපදුණු දවසෙ කවියක් කිවුවා. ඒකට අපේ එවුන්” යැයි ප්‍රකාශ කරමින් හාස්‍යමය ඉදිරිපත් කිරීමක් සිදුකළ කලම්බු කොමඩි සෙන්ට්‍රල් හී සාමාජිකාවන වන නටාෂා එදිරිසූරිය එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටිනවා.

මැයි 26 දින වීඩියෝවක් නිකුත් කරමින් එම යූටියුබ් චැනලයේ හසලක තුෂාර සහ නටාෂා එදිරිසූරිය පෙනී සිටිමින් පවසන්නේ අදාළ වීඩියෝව තම නාලිකාවෙන් මේ වනවිට ඉවත් කර ඇති බවයි. එම වීඩියෝව සම්බන්ධයෙන් සමාජ ජාල තුළ යම් පිරිසකට සිත් රිදීමක් ඇති වී තිබෙන බව නිරීක්ෂණ වීම හේතුවෙන් එම විඩියෝපටය ඉවත් කළ බවත් සිත් රිදීම සම්බන්ධයෙන් කණගාටු වන බවත් ඔවුන් සඳහන් කළා.

එසේම එම වීඩියෝව තම පුද්ගලික චැනලයෙන් ද ඉවත් කළ බව පැවසූ නතාෂා එදිරිසූරිය සඳහන් කළේ එම ප්‍රකාශය මගින් කිසිවෙකුගේ සිත රිදීමක් ඇති වූයේ නම් තමන් ද සමාව ඉල්ලා සිටින බවයි.

Rivira FB Group Rivira Youtube
To Top