දේශීය පුවත්

අලි සබ්‍රි මන්ත්‍රී ධූරයෙන් නෙරපන්න යෝජනාවක්, මන්ත්‍රීවරයා යළිත් ඩුබායි ගිහින්

නීති විරෝධී ලෙස මෙරටට රත්‍රං ගෙන ආ බව පිළිගනිමින් දඩ නියම වූ මුස්ලිම් ජාතික සන්ධානයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මැයි 25 රාත්‍රියේ නැවත වරක් ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බව ගුවන් තොටුපල ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ වනවිට මන්ත්‍රීවරයා ධූරයෙන් ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තුව වෙත යෝජනාවක් ගෙන ඒමට නියමිතයි. අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් මතුව ඇති ප්‍රශ්නය පිළිබඳව පක්ෂ නායකයින් සමග පැවති සාකච්ඡාවේ දී අවධානය යොමු වී ඇති අතර එහිදී මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් ගත යුතු පියවර සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

යෝජනාව ගෙන ඒමට පෙර ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස එම මන්ත්‍රීවරයාගෙන් ඉල්ලීමක් කළ යුතු බවට ද යෝජනා වී ඇති අතර ඉදිරියේ දී ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබිය දී මන්ත්‍රීවරයා නැවත ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ඩැනියෙල්, එවකට ජනාධිපති ජේ.ආර්.ජයවර්ධනගේ පාලනය යටතේ බලයෙන් පහ කළ ආකාරයටම දූෂණ චෝදනා මත මන්ත්‍රීවරයකු ද නෙරපා හැරීමේ පූර්වාදර්ශයක් තිබෙන බව මන්ත්‍රීවරු පවසති.

පසුගිය අඟහරුවාදා (23) ෆ්ලයි ඩුබායි ගුවන් යානයකින් ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි මන්ත්‍රීවරයා රත්‍රං කිලෝ 3.5 ක් සමඟ BIA හි ප්‍රභූ විවේකාගාරයේ දී විශේෂ රේගු නිලධාරීන් කණ්ඩායමක් විසින් රඳවා ගනු ලැබීය. ඔහුගේ ගමන් බෑගයේ මිලියන 70ක් වටිනා ස්මාර්ට් ෆෝන් 91ක් සහ රත්‍රං කිලෝ 3.5ක් සොයා ගනු අතර පසු දිනම මන්ත‍්‍රීවරයා රුපියල් ලක්ෂ 75ක දඩයක් නියම කිරීමෙන් පසු මුදා හැරිය අතර නීති විරෝධී භාණ්ඩ රාජසන්තක කිරීමට පියවර ගෙන තිබුණි.

Rivira FB Group Rivira Youtube
To Top