බෞද්ධාගමට, බෞද්ධ සාහිත්‍යයට හා බෞද්ධ බාලික පාසැල්වලට අපහාස වන අයුරින් අදහස් දැක්වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් නතාෂා එදිරිසූරිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තවත් පුද්ගලයින්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය පවසනවා.
ප්‍රශ්නගත “මෝඩාභිමානය” නම් විකට වැඩසටහන සහ නතාශා එදිරිසූරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන මෙහෙයවන අතර එම වැඩසටහන නැරඹීම සඳහා පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකුගෙන් ද ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
කෙසේ වෙතත් අන්තර්ගතයන් නොදැන හුදෙක් විකට වැඩසටහනක් නැරඹීමට යාම අපරාධයක් හෝ අපරාධයකට අනුබල දීමක් නොවුනද අපරාධයක් සිදුවන බව දැන ගැනීමෙන් පසු ඊට අනුබල දීම වරදක් වන බවයි පොලිසිය පවසන්නේ. කෙසේ නමුත් ඇතැම් මාධ්‍යවල ප්‍රචාරය කර ඇති පරිදි ප්‍රශ්නගත වැඩසටහන නැරඹීම සඳහා පැමිණි පුද්ගලයින්ට එරෙහිව නීතිමය කටයුතු කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ද පොලිසිය පවසනවා.

