මැයි 30 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජාතික ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කළේ සියලු වාහන කාණ්ඩ සඳහා මෙය බලපැවැත්වෙන බවයි.
ඒ අනුව යතුරුපැදියක් සඳහා මෙතෙක් පැවැති ලීටර් 7ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ඉහළ දමා ඇත.
මගී ප්‍රවාහන ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවැති ලීටර 15ක ඉන්ධන කෝටාව ලීටර 22ක් දක්වා ඉහළ දමා තිබෙනවා. එසේම සාමාන්‍ය ත්‍රිරෝද රථයක් සඳහා මෙතෙක් පැවති ලීටර 08ක ඉන්ධන කෝටාව ලීටර 14ක් දක්වා ද ඉහළ නංවා තිබෙනවා.
මෝටර් රථ සඳහා මෙතෙක් ලීටර 30ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 40ක් දක්වා ඉහළ දමා ඇති අතර වෑන් රථයක් සඳහා මෙතෙක් ලබාදුන් ලීටර් 30ක ඉන්ධන කෝටාව ද ලීටර 40 දක්වා ඉහළ දමා තිබෙනවා.
සියලු බස් රථ සඳහා මෙතෙක් ලීටර 60ක්ව පැවැති ඉන්ධන කෝටාව ද අද මධ්‍යම රාත්‍රියේ සිට ලීටර් 125 දක්වා ඉහළ දමා තිබෙනවා.
එමෙන්ම සියලු ලොරි රථ සඳහා මෙතෙක් ලීටර 75ක්ව පැවැති ඉන්ධන කෝටාව ලීටර 125ක් දක්වා ඉහළ දමා තිබෙනවා.

