දේශීය පුවත්

ඇමති කාංචන ගැන අසත්‍ය පළ කළ අය ගැන විමර්ශනයක් ඉල්ලයි

තමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකරමින් ඇතැම් මාධ්‍ය වාර්තා පළ කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.

මැයි 26 දිනැතිව කතානායකවරයා වෙත යොමු කර ඇති අදාළ ලිපියෙන් අමාත්‍ය කාංචන විජේසේකර ඉල්ලා ඇත්තේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීමට සහ ප්‍රචාරය කිරීමට සම්බන්ධ අදාළ පුද්ගලයින් සහ මාධ්‍ය සංවිධාන පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට කැඳවන ලෙසයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළඳපොළට ඇතුළු වීමට විදේශීය ආයතනවලට බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රවෘත්ති පළකරමින් තම පාර්ලිමේන්තු වරප්‍රසාද කඩකර ඇති බව එහි වැඩිදුරටත් සඳහන්.

එසේම එම ආයතන සහ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව ද අමාත්‍යවරයා පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top