ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ උත්සවය – 2023 නිමිත්තෙන් සුරාබදු බලපත්‍ර ස්ථාන වසා තැබිය යුතු බව සුරාබදු කොමසාරිස් ජනරාල් පවසනවා.
මැයි 30 දිනැතිව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවය වෙනුවෙන් 2023. 06. 19 වන දින සිට 2023. 07. 04 වන දින දක්වා කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් වසා තැබීම සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් අනුමත කර ඇති බවයි.
ඒ අනුව මෙම කාල සීමාව ආවරණය කරමින් ඌව පලාත නියෝජනය කරන සුරාබදු නිලධාරී කන්ඩායම් ඇසල උත්සව භූමිය සහ අවට ප්‍රදේශ වල රාජකාරියේ යෙදවීමට කටයුතු යොදා ඇති අතර ඇසල උත්සව කාල සීමාව තුල ඇසල උත්සව භූමිය මතින් තොර කලාපයක් බවට පත් කිරීම සදහා අවශ්‍ය සියලු පියවර ගැනීමට ඔවුන් වෙත උපදෙස් ලබා දී ඇති බව ද එම ලිපියේ දක්වා ඇත.
එසේම කතරගම දේවාල පුදබිම තුල සහ ආසන්න ප්‍රදේශ වල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සදහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධිත අංක 1913 දුරකථනය දවසේ පැය 24 පුරාවට මහජනතාව සදහා විවෘතව තැබෙනු ඇති බව ද පවසයි.
එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පූජා භූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය එම කාලසීමාව තුල මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැණීම සදහා සහාය වන ලෙස මෙම ඇසල උත්සවය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරණ සියලු ජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටින බවයි.


