ජා-ඇළ පොලිස්ථානයට ලබා දී තිබූ ජීප් රථයක අසභ්‍ය වැකි ලියා රථයට අලාභ හානි කිරීම සම්බන්ධයෙන් සැකපිට එම පොලිස්ථානයේ සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් සිදුකරන ලද විශේෂ විමර්ශනයක දී මේ බව අනාවරණය වූ බව පොලිසිය පවසනවා. වාර්තා වන අන්දමට ස්ථානාධිපතිවරයා විසින් භාවිතා කරන ලද එම ජීප් රථය පොලිස් භූමියේ නවතා තිබියදී එය සූරා අසභ්‍ය වදන් ලිවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන ලද පරීක්ෂණවලට අදාළව ඇගිලි සළකුණු වාර්තා පරීක්ෂා කිරීමේ දී හෙළි වී තිබෙන්නේ එම පොලිස්ථානයේ සේවය කළ නිලධාරියෙකුගේ ඇගිලි සළකුණු ජීප් රියේ ඇති සළකුණු හා ගැලපෙන බවයි. එය වාර්තා වීමත් සමග අදාළ නිලධාරියා නිවාඩු ලබාගෙන ඇති අතර නැවත සේවයට නොපැමිණීම හේතුවෙන් පසුගිය අප්‍රේල් 21 දින අදාළ නිලධාරියාට තනතුර අතහැර යාමේ නියෝග ද නිකුත් කර ඇති බවයි.
ඒ අනුව සිදුකරන ලද විමර්ශනවලදී මෙම ක්‍රියාව අදාළ නිලධාරියා විසින් සිදුකර ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි. සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මැයි 31 දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත..

