මෙරට ඉංග්‍රීසී මාධ්‍ය පුවත්පතක් වන “ඩේලි මිරර්” පුවත්පතේ ප්‍රධාන කර්තෘවරිය ලෙස ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජමිලා හුසේන් පත් කර තිබේ. ඒ ජුනි මස 01 දින සිට ක්‍රියාත්මක වන ලෙසයි.
2003 වසරේ දී “සන්ඩේ ලීඩර්” පුවත්පතින් ජනමාධ්‍යවේදිනියක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ජමිලා හුසේන් 2007 දී “ඩේලි මිරර්” පුවත්පත සමගත් 2010 වසරේ දී “නිවුස්ඒෂියා” යන විදෙස් මාධ්‍ය ආයතනයට සම්බන්ධ වී කටයුතු කර තිබෙේ.
නැවතත් 2020 වසරේ දී සහකාර කතෘවරියක ලෙස “ඩේලි මිරර්” පුවත්පත සමග සම්බන්ධ වී ඇති ඇය ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය පිළිබද සහ අඩු ආදායම්ලාභී ප්‍රජාවන්ට බලපාන ගැටළු පිළිබඳ අනාවරණය කිරීම වෙනුවෙන් එක් ජාත්‍යන්තර සම්මානයක් සහ දේශීය සම්මාන තුනක් ලබා ඇත.
මේ වනවිට ඇය දේශපාලන ලේඛිකාවක කටයුතු කරමින් සිටි අතර ඇයගේ වාර්තාවන් පිළිබඳ ට්විටර් සමාජ ජාලාව තුළ විශාල කතිකාවන් ඇති වී තිබේ. ඒ ට්විටර් සමාජ ජාලයේ සිට ශ්‍රී ලාංකිකයින් බොහොමයකට වඩා වෙනස් කෝණයකින් සිය පෑන හැසීරවීම හේතුවෙන්.
ජමිලා හුසේන්ගේ නව පත්වීමත් සමඟ ඇය වර්තමානයේ ප්‍රමුඛ පෙළේ දිනපතා ජාතික පුවත්පතක් මෙහෙයවන ලාබාලතම ප්‍රධාන කර්තෘ ද වේ.

