රේගුව වෙත අනාවරණය කිරීමකින් තොරව නීති විරෝධීව රත්‍රන් ගෙනා පුද්ගලයෙකු ජුනි 01 දින අත්අඩංගුවට ගෙන ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබෙනවා. කටුනායක ගුවන්තොටුපලේ දී අත්අංගුවට පත් වූ මෙම රත්‍රන් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 10.72ක් (රුපියල් 10,727,000) වන බවට තීරණය කිරීමෙන් පසු ඒ හා සමාන දඩ මුදලක් ගෙවන ලෙස අදාළ පුද්ගලයාට නියෝග කර ඇති බව එහි වැඩිදුරටත් සඳහන් වේ.
කෙසේ වෙතත් පසුගිය දා මේ ආකාරයෙන්ම රුපියල් මිලියන 75කට අධික වටිනාකමකින් යත් රත්‍රන් සහ දුරකථන නීතිවිරෝධීව රැගෙන පැමිණි අලි සබ්‍රි රහීම් මන්ත්‍රීවරයාට නියම කර තිබුණේ රුපියල් මිලියන 7.5ක දඩයක් පමණක් වීම තුළින් රේගු දෙපාර්තමේන්තුවේ දෙබිඩි පිළිවෙතක් අනාවරණය වී තිබේ.

