දේශීය පුවත්

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ උප සභාපති ධුරයක් ලංකාවට

‍එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක් හිමිව තිබෙනවා. ඒ රටවල් 193ක් විසින් ඒකමතිකව ශ්‍රී ලංකාව උප සභාපති ධූරය සඳහා තෝරා පත්කරගැනීම හේතුවෙන්. ඒ අනුව, එම තනතුරට පත්ව සිටින්නේ හිටපු අගවිනිසුරුවරයෙකු වන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් වන අතර ඔහු ආසියානු පැසිෆික් කලාපය වෙනුවෙන් 2023 සැප්තැම්බර් මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා කාලය දක්වා කටයුතු කරනු ලබයි.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරය 2023 සැප්තැම්බර් මස 12 වන දින ආරම්භ වන අතර එය සැප්තැම්බර් 25 දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.

Rivira FB Group Rivira Youtube
To Top