දේශීය පුවත්

බිල් ගේට්ස් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයට අත දීමට සූදානම්

අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජුනි 01 වන අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේ දී Bill and Melinda Gates පදනමේ නියෝජිතයන් හමු වූ අතර රජයේ ප්‍රධාන අවධානයක් වන කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දත්ත ඩිජිටල්කරණය කිරීම පිළිබඳව සාකච්ඡා කර තිබේ.

කෘෂිකාර්මික ක්ෂේත්‍රය නවීකරණය කිරීමට, පෝෂණය වැඩිදියුණු කිරීමට, දේශගුණික විපර්යාසවලට පිළියම් යෙදීමට සහ මූල්‍ය සුරක්ෂිතතාව ඉහළ නැංවීමට රජය ගන්නා උත්සාහයන් අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

මුල්‍ය ආධාර සැපයීම සහ නවීන තාක්‍ෂණය සැපයීම පිළිබඳ රජයේ ප්‍රතිපත්ති සහ රෙගුලාසිවලට යටත්ව මෙම ප්‍රයත්නයන් සඳහා සහාය වීමට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ නියෝජිතයින් කැමැත්ත පළ කර ඇත. දේශගුණික විපර්යාස සඳහා වෙන් වූ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට යෝජිත ව්‍යාපෘතිය පිළිබඳව ද රැස්වීමේදී අවධානය යොමු වී ඇත.

Rivira FB Group Rivira Youtube
To Top