අධ්‍යාපනය

නැවතත් “පුද්ගලික උපාධි කඩ එපා” කියූ අන්තරේට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල විරෝධයක්

“ලයිසියම්-කොතලාවල උපාධි කඩ එපා” ඇතුළු සටන් පාඨ කිහිපයක් මුල් කරගනිමින් නැවතත් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය තීරණය කර තිබෙනවා.

ජුනි 07 කොළඹ දී පැවැත්වීමට නියමිත එම උද්ඝෝෂණ ව්‍යාපාරය සම්බන්ධයෙන් සිය නිල ෆේස්බුක් පිටුවේ පළ කළ පෝස්ටුවට ප්‍රබල විරෝධයක් එල්ල වී ඇති අතර බොහෝ දෙනා එය උපහාසයට ගෙන තිබෙනවා. බහුතරයක් දෙනා අදහස් දක්වමින් පවසන්නේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහි වීම ඵල රහිත හා අමනෝඥ කටයුත්තක් බවයි.

කෙසේ වෙතත් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු පූර්ණ රාජ්‍ය විශ්වවිද්‍යාලයක් වන අතර පුද්ගලික විශ්වවිද්‍යාලයක් නොවන බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. එය විවෘත විශ්වවිද්‍යාලය වැනි මුදල් අය කරන (සිවිල් සිසුන්ගෙන් පමණක් මුදල් අය කෙරේ) රාජ්‍ය විශ්වවිද්‍යාලයක් බවත් එහි ප්‍රධානතම අරමුණ ත්‍රිවිධ හමුදා නිලධාරීන්ට අධ්‍යාපනය ලබා දීම බැවින් එය ආරක්ෂක අමාත්‍යංශය යටතේ ස්ථාපිත කොට ඇති බව එම විශ්වවිද්‍යාලයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා. එබැවින් මෙම සටන් පාඨය වලංගු සටන් පාඨයක් නොවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

Rivira FB Group Rivira Youtube
To Top