සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත්, එබැවින් ඇයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බවටත් තීන්දු කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇති රිට් පෙත්සමේ තීන්දුව අද (ජුනි 06) දින ප්‍රකාශයට පත් කිරීම ජූලි 25 දින දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කරනු ලැබුවා.
ඒ එම තීන්දුව ලබා දීමට නියමිත වූ අද (ජුනි 06) දින අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදියි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මේ බව දැනුම් දුන්නා.
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඕෂල හේරත් විසින් පවරා ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන විගමන පාලක ජනරාල්වරයා, නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට තිබේ.
ඩයනා ගමගේ මන්ත්‍රීවරිය බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් හිමි එරට පුරවැසියෙකු බවට පෙත්සම මඟින් පවසා ඇති අතර ඒ හේතුවෙන් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් දැරීමට ඇයට සුදුසුකම් නොමැති බව දක්වා ඇත.
ඒ හේතුවෙන් ඩයනා ගමගේ මෙම මන්ත්‍රී ධුරය දැරීම බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

