11 හැවිරිදි දැරියකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් පැවති නඩු විභාගයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට බලපිටිය මහාධිකරණය විසින් වසර 110ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා.
ජුනි 05 දින බලපිටිය මහාධිකරණ විනිසුරු රංග දිසානායක විසින් තීන්දුව මෙම තීන්දුව ලබා දී ඇත.
මෙලෙස දඩුවම් නියම වූයේ තමන්ගේම එකොළොස් හැවිරිදි දියණියට බරපතළ ලිංගික අතවර පියෙකුටයි. 2008 වසරේ සිට අවස්ථා ගණනාවක දී වරදකරු විසින් එම දැරියට බරපතල අතවර කර ඇති බව සාක්ෂි සහිතව ඔප්පු වී තිබේ. අදාල පුද්ගලයා ගාල්ල, ඌරගස්මංහන්දිය, කොරකීන ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද වාර්තා වේ.

