දේශීය පුවත්

පොලිසියට තග දැමීම – ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට විදෙස් ගමන් තහනමක්

අකිල ඉලංකෙයි දෙමළ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

ඒ පසුගිය ජුනි 02 දින යාපනයේ වඩුක්කොඩෙයි ප්‍රදේශයේ සිදුවූ සිදුවීමට අදාළව පොලිසිය විසින් කරනු ලැබූ කරුණු දැක්වීමක් අනුවයි.

විදෙස් ගමන් තහනම පනවමින් මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ මන්ත්‍රීවරයාට මරුතැන්කේනි පොලිසිය වෙක ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙසයි.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයා එම ප්‍රදේශයේ නොමැති වීම හේතුවෙන් එම නියෝගය ලබාදීම සඳහා කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් විසින් කොළඹ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබෙනවා. ඒ බව මන්ත්‍රීවරයා ද තහවුරු කළා.

මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන්ට සිංහල කියවීමට හෝ ලිවීමට නොහැකි නිසා තමන් එය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවයි. පසුව පොලිස් නිලධාරීන් විසින් සිංහලෙන් තමන් වෙත දන්වා සිටියේ ජූනි 08 දින පෙරවරු 10ට මරුතැන්කේනි පොලිස් ස්ථානය හමුවේ පෙනී සිටිය යුතු බව ද මන්ත්‍රීවරයා පවසා සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top