මංකිපොක්ස් වෛරසය ආසාදිත පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ජුනි 07 දින ඔහු සඳහන් කළේ විදෙස්ගතව සිට පැමිණි පවුලක මවක සහ දියණියට මෙම වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන ඇති බවයි.
ඩුබායි සිට පැමිණ කටුනායක ගුවන්තොටුපළින් මෙරටට ඇතුළු වීමේදී සිදුකළ පරීක්ෂාවක දී අදාළ පුද්ගලයින් දෙදෙනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි ද ඔහු සඳහන් කළා. ඒ අනුව ආසාදිතයින් IDH හී බෝවන රෝග විද්‍යායතනය වෙත ඇතුළත් කොට ප්‍රතිකාර කරනු ලබන බව ඔහු සඳහන් කළා.
එසේම එම පවුලේම පියාට ද විදෙස් රටක දී මංකිපොක්ස් ආසාදනය වී සුවය ලබා ඇති බව ද අනාවරණය වී ඇත.
2022 නොවැම්බර් 01 වන දින ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි 20 හැවිරිදි තරුණයෙකුට එම වෛරසය ආසාදනය වී ඇති බව 2022 නොවැම්බර් 4 වන දින තහවුරු කර ගැනීමත් සමග මෙරට දී පළමු ආසාදිතයා වාර්තා විය. පසුව, ඊට ආසන්නවම 2022 නොවැම්බර් 9 වන දින තවත් ආසාදිතයෙකු තහවුරු කරගෙන තිබුණි.

