දේශීය පුවත්

රජයේ නිලධාරියෙකුට සාපරාධි බලහත්කාරය පෑවැයි උදේ අත්අඩංගුවට ගත් ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට හවස ඇප

රජයේ නිලධාරියෙකුට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලන් රුපියල් ලක්ෂ 5 ඇපයක් මත මුදා හැරීමට කිලිනොච්චිය මහේස්ත්‍රාත් ඉස්මයි ජමයිල් නියෝග කළේය.

ඒ ජුනි 07 දින උදෑසන මරදන්කේනි පොලිසිය විසින් මන්ත්‍රීවරයාගේ කොළඹ පිහිටි නිවසේ දී අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවයි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ගෙන් අත්අඩංගුවට ගැනීමේ නියෝගය ඉල්ලා සිටි මන්ත්‍රීවරයා කතානායකවරයා යැයි පවසා දුරකතනයෙන් අමතා සිදුවීම පැහැදිලි කර තිබේ. කෙසේ වෙතත් පසුව චෝදනාව විමසීමේ දී පොලිස් නිලධාරියා දැනුම් දුන්නේ රජයේ නිලධාරියෙකුට සාපරාධි බලහත්කාරය පෑම යටතේ අත්අඩංගුවට ගන්නා බවයි.

මෙහිදී නීතිඥවරුන් කළ ඉල්ලීමක් අනුව මන්ත්‍රීවරයාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

Rivira FB Group Rivira Youtube
To Top