දේශපාලන

මම ස්වාධීන මිනිහෙක්, පියා කළ කී සෑම දෙයක්ම නිවැරදි බව කියන්නේ නෑ – සජිත් ප්‍රේමදාස

රණසිංහ ප්‍රේමදාස වන තම පියා වූ පමණින් කළ කී සෑම දෙයක්ම නිවැරැදි බව නොකියන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අද (ජුනි 08) ප්‍රකාශ කළා. එසේම ඔහු සඳහන් කළේ තමන් ස්වාධීන පුද්ගලයෙකු බවයි. පියා කළ කී සෑම දෙයක්ම අනුගමනය කරන පුතෙකු නොවන බවත් ඔහු ප්‍රකාශකර සිටියා.

අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමග සංවාදයකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව පවසා සිටියා.

‘‘රණසිංහ ප්‍රේමදාසගේ පුතා වූ පමණින් එතුමා කරපු කියපු හැම දෙයක්ම හරියි කියන්නේ නෑ මම. පියා වූ පමණින් කරපු කියපු හැම දෙයක්ම අනුගමනය කරන පුතෙක් නෙමෙයි. එතුමා කරපු ධනාත්මක, හරයාත්මක, ගුණාත්මක වැඩසටහන් අපි ඉදිරියට ගෙන යනවා. අඩුපාඩු උනා නම් ඒවා බැහැර කරනවා.’’

Rivira FB Group Rivira Youtube
To Top