උතුරේ දෙමළ ජනතාවගේ ගැටලුවලට කඩිනමින් ස්ථීර විසඳුම් ලබාදීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් යළිත් සාකච්ඡා සඳහා සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත දැනුම් දී තිබෙනවා. ජුනි 08 වැනි බ්‍රහස්පතින්දා දින ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේ දී අදාළ දැනුම් දීම සිදුකළ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසනවා.
මේ වනවිට අවස්ථා ගණනාවක දී දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබූ බවත්, එහිදී සාකච්ඡා වූ පරිදි මෙතෙක් කිසිදු ස්ථිර හා පිළිගත හැකි විසඳුමක් ලැබී නොමැති බවත් එහිදී ජනාධිපතිවරයා වෙත පෙන්වා දී තිබේ.
ඒ අනුව ජුලි මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරයාගේ අවධානයට ලක් කළ ජනවාර්ගික අර්බුදය හා සම්බන්ධ කඩිනම් විසඳුම් අවශ්‍ය ගැටළු සඳහා විසඳුම් ලබානොදුනහොත් යළිත් ආණ්ඩුව සමග සාකච්ඡා නොකිරීමට
දෙමළ ජාතික සන්ධානය තීරණය කළ බව මන්ත්‍රීවරයා පවසනවා.

