දේශීය පුවත්

පොළොන්නරුවේ දී බස් රථයක් ඔයට පෙරලී 9ක් මිය යයි, 20ක් රෝහලේ

පොළොන්නරුව, මනම්පිටිය ප්‍රදේශයේ කොටලීය පාලමේ ගැටී පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් අද රාත්‍රියේ අනතුරට පත්වී තිබෙනවා.

එම බිහිසුනු අනතුරෙන් මේ වනවිට 09 දෙනෙකු මියගොස් 20 දෙනෙකු තුවාල ලබා ඇති බව පොළොන්නරුව රෝහල පවසනවා. අප වාර්තාකරුවන් පවසන්නේ අනතුරට ලක් වූ පිරිස් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

අදාළ පෞද්ගලික බස් රථය කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් කරමින් තිබු එකක් බවත් සිද්ධිය සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top