කැනේඩියානු අග්‍රාමාත්‍යවරයා විසින් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනය පිළිබඳ සඳහන් කිරීම ශ්‍රී ලංකාව දැඩිව ප්‍රතික්ෂේප කර තිබෙනවා.
කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝ විසින් 2023 ජූලි 23 දින නිකුත් කරන ලද ප්‍රකාශයක යළිත් වරක් දෙමළ ජන සංහාර අනුස්මරණ දිනයක් පිළිබඳ සඳහන් කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි.
ශ්‍රී ලංකාවේ අතීත ගැටුම පිළිබඳ ව්‍යාජ, විකෘති ආඛ්‍යානයක් ගැන කැනඩාව දිගින් දිගටම සඳහන් කිරීම හුදෙක් දේශීය ඡන්ද දිනා ගැනීම හරහා මැතිවරණ ජයග්‍රහණ සාක්ෂාත් කර ගැනීමේ පහත් අරමුණකින් සිදුකරනු ලබන අතර එය වාර්ගික සංහිඳියාවේ ඇති කර ගැනීමට හිතකර නොවන තත්වයක් බව ද දන්වා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම මෙන්ම එතෙර සිටින ශ්‍රී ලාංකීය උරුමයන් සහිත ප්‍රජාවන් අතර ස්ථාවරත්වය, ප්‍රගතිය, සාමය සහ සංහිඳියාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙස ශ්‍රී ලංකාව වැඩිදුරටත් කැනඩාවෙන් සහ එහි නායකයින්ගෙන් ඉල්ලා සිටී.

