දේශීය පුවත්

ඉන්දියානු බිත්තර සතොසෙ 35යි, සුපිරි වෙළඳසැලේ 40යි, මිල පාලන ගැසට්ටුව ඉවත් කරයි

ජූලි 25 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පනවා තිබු පාලන මිල ඉවත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

බිත්තර මිල හිතුමතේ ඉහළ දමමින් වෙළෙඳුන් විසින් අධික මිලකට බිත්තර අලෙවි කරමින් තිබීම පාලනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 19 වන දින ගැසට් පත්‍රයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍යාංශය නියම කර තිබුණේ සුදු බිත්තරයක් රුපියල් 44කටත් දුඹුරු බිත්තරයක් රුපියල් 46ක් වන ලෙසත් උපරිම සිල්ලර මිලක් යටතේ අලෙවි කළ යුතු බවයි.

එසේම බිත්තර බර මත අලෙවි කිරීම සඳහා ද අවස්ථාව ලබා දෙමින් සුදු බිත්තර කිලෝ ග්‍රෑමයක් රුපියල් 880ක් සහ දුඹුරු බිත්තර කිලෝ ග්‍රෑමයක් 920කටත් අලෙවි කළ යතු බව එහි දක්වා තිබුණි.

නමුත් එම පාලන මිල සම්පූර්ණයෙන්ම අසාර්ථක උත්සාහයක් වූයේ පාලන මිලට කිසිඳු ස්ථානයක බිත්තර අලෙවි කිරීම සඳහා ඉදිරිපත් කර නොතිබීම හේතුවෙනි. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් කළ වැටලීම්වලින් ආණ්ඩුව සැළකිය යුතු දඩ ආදායමක් ලබා ඇති බව පාරිභෝගික අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දුන්නා.

බිත්තර සඳහා පාලන මිල ඉවත් කිරීමත් සමග අද සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සතොස සහ සුපිරි වෙළෙඳසැල් වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

සතොස මඟින් බිත්තරයක් රුපියල් 35ක මිලකට සහ සුපිරි වෙළෙඳ සැල්වලින් බිත්තරයක් රුපියල් 40 බැගින් නිකුත් කරන බව ඔහු සඳහන් කළා. කෙසේ නමුත් එම බිත්තරය සතොස මගින් රුපියල් 35කටත් එතැන් සිට තවත් අතිරේක රුපියල් 5ක ලාභයක් සුපිරි වෙළඳසැල්වලට ලබා දීමත් විහිළුසහගත හා යම් කණ්ඩායමකට විශේෂ ප්‍රතිලාභයක් ලබා දීමේ අරමුණින් ගත් තීන්දුවක් බවට ද පාරිභෝගික අයිතීන් උදෙසා පෙනී සිටින ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top