හිටපු ජනාධිපතිවරුන්ට වරප්‍රසාද ලබා දීමේදී ජනාධිපති වරප්‍රසාද පනතින් පරිබාහිරව ලබා දී ඇති අතිරේක වරප්‍රසාද කපාහැරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුවකට අනුවයි.
ඒ අනුව, ජනාධිපති වරප්‍රසාද පනත ප්‍රකාරව හිටපු ජනාධිපතිවරයකුට හිමි වන්නේ විශ්‍රාම වැටුපක්, නිල නිවසක්, රියදුරන් සහිත නිල වාහන තුනක් සහ ඒ සඳහා ඉන්ධන, පෞද්ගලික ලේකම්වරයෙක් සඳහා වන වෙිතනයක් පමණි. නමුත් පසුගිය කාලයේ දී හිටපු ජනාධිපතිවරුන්ට පනතට අනුව හිමි වරප්‍රසාදවලට අමතරව නිල නිවසේ ජල බිල්පත්, විදුලි බිල්පත් ගෙවීම ද සිදුකර ඇති බව අධිකරණයේ දී හෙළි වී තිබේ.
ඒ අනුව මින් ඉදිරියට හිටපු ජනාධිපතිවරුන්ට අතිරේක වරප්‍රසාද ලබා නොදීමට රජය තීරණය කර තිබුණත් මෙතෙක් කල් පනතට පරිභාහිරව සිදුකරන ලද ගෙවීම් ආපසු අය කර ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව රජයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.

