දේශීය පුවත්

කඳානේ රසායනික කර්මාන්ත ශාලා ගින්නෙන් අයෙක් මරුට, පාසල් ළමුන් 40කුත් රෝහල්ගත කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නත් හටගෙන තිබෙනවා. කඳාන පොලිසිය සඳහන් කළේ එම ගින්න අගෝස්තු 08 උදෑසන කාලයේ හටගෙන ඇති බවයි. අනතුරෙන් තුවාල ලැබූවන් හා තවත් පිරිසක් රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් අනෙක් අයගේ තත්වය බරපතල නොවන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

එම අනතුරින් මිය ගොස් ඇත්තේ, අදාළ කර්මාන්ත ශාලාවේ ගණකාධිකාරීවරයා ලෙස සේවය කළ පුද්ගලයෙකි.

ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවන සේවා රථ 2ක් යොමුකර ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

පොලිසිය සඳහන් කළේ අදාළ කර්මාන්ත ශාලාවේ ගින්නෙන් ඇතිවූ දුම ආග්‍රහණය වීමෙන් කඳාන ප්‍රදේශයේ පාසලක සිසුන් 40 දෙනෙකු ද රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top