දේශීය පුවත්

රටේම විරෝධය නොතකා උපාධි කඩ එපා කියන්න අන්තරේ අද කොළඹට, මහජනයාට හා රාජ්‍ය නිලධාරීන්ට පීඩා නොකරන්නැයි උසාවියෙන් නියෝග

“උපාධි කඩ එපා” යන තේමාව යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය අගෝස්තු 10 දින කොළඹ දී විරෝධතාවයක් සංවිධානය කර තිබෙනවා. කෙසේ වෙතත් මෙහිදී පොදු දේපළවලට හානි නොකරන ලෙසත්, රජයේ ආයතන පරිශ්‍රයන් වෙත ඇතුළු නොවන ලෙසත්, මහජනතාවට හා රාජ්‍ය නිලධාරීන්ට පීඩාවක් නොවන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොටුව පොලිසිය සිදුකරනු ලැබූ ඉල්ලීමට අනුව අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට එරෙහිව නිකුත් කරන ලද අදාළ නියෝගයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ සාමකාමී ලෙස විරෝධතා කිරීමට මෙයින් කිසිම තහනමක් නොමැති බවයි.

අධිකරණ නියෝග කඩ කරමින් කටයුතු කරන උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර තිබේ.

අදාළ විරෝධතාවය පස්වරු 12.30ට ලිප්ටන් වටරවුම අසළින් ආරම්භ කිරීමට නියමිත අතර කොටුව දුම්රිය පොළ දක්වා ගමන් කිරීමට ද සූදානමක් පවතින බව වාර්තා වේ.

කෙසේ වෙතත් පසුගිය දා “NSBM, Lyceum, KDU උපාධි කඩ එපා” යනුවෙන් පළ කළ සටන් පුවරුවකට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල මහජන විරෝධයක් එල්ල වී තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top