ව්‍යාපාර

2023 නිෂ්පාදිත විද්‍යුත් වාහන රැසක් ආනයනය කරලා, මිල ගණන් මෙන්න

මේ වනවිට මෙරට ක්‍රියාත්මක වාහන දැන්වීම් පළ කරන වෙබ් අඩවි සහ සමාජ ජාලා තුළ 2023 වර්ෂයේ නිෂ්පාදිත විද්‍යුත් වාහන විකිණීම සඳහා දැන්වීම් පළ කර තිබෙනවා. MG, Volkswagon, BMW, Benz ඇතුළු නිෂ්පාදකයින් රැසකගේ වාහන මෙලෙස අලෙවිය සඳහා ඉදිරිපත් කර ඇති අතර ඒවා රුපියල් මිලියන 16 සිට ඉහළ මිල ගණන් යටතේ අලෙවි කිරීම සඳහා මිල ගණන් පළ කර තිබෙනවා.

පසුගිය දිනෙක රජය තීරණය කර තිබුණේ විදෙස් ශ්‍රමිකයින්ට තමන් මෙරටට නීත්‍යානුකූලව එවන විදෙස් ප්‍රේෂණ මත වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීමටයි. කෙසේ නමුත් මෙම වාහන එලෙස ගෙන්වූ ඒවා බවයි එහි අලෙවිකරුවන් සඳහන් කළේ.

Rivira FB Group Rivira Youtube
To Top