අධ්‍යාපනය

එකට පාඩම් කර ජීව විද්‍යාවෙන් ලංකාවෙන් 1 හා 2 වූ එකම පාසැලේ මිතුරියන් දෙදනා

2022/2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් 04 දින පස්වරුවේ නිකුත් කෙරුණා. ඒ අනුව මෙවර ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පළමු හා දෙවැනි ස්ථානය හිමි කර ගැනීම එකම පාසැලක එකට පාඩම් කළ මිතුරියන් දෙදෙනෙක් සමත්ව තිබෙනවා. ඒ මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ වැවහමන්දුව ප්‍රදේශයේ පදිංචි ප්‍රමුදි භාෂණි මුණසිංහ හා නූපේ පදිංචි එස් එම්.පී ලෙමාෂා උද්‍යාංගී යන සිසුවියන් දෙදෙනායි.

ජීව විද්‍යා අංශයෙන් ලංකාවෙන්ම පළමු තැන ප්‍රමුදිටත් ලංකාවෙන්ම දෙවැනි ස්ථානය ඇයගේ මිතුරිය වු ලෙමාෂාටත් හිමි වී තිබෙන අතර ඔවුන් දෙදෙනා සඳහන් කළේ තමන් දෙදෙනා එකම පාසලට හා එකම උපකාරක පංතිවලට සහභාගී වූ බවත්, පාඩම් කිරීම ද එකටම ලෙමාෂාගේ නිවසේ සිට සිදුකළ බවත් ය.

Rivira FB Group Rivira Youtube
To Top