පාරිභෝගිකයින් මුලා කරමින් ව්‍යාපාරිකයින් විසින් සිදුකරන වංචනික ක්‍රියා දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. මේ වාහන පාරිභෝගිකයින්ගේ ජාතික එකමුතුව පවසන්නේ මේ වනවිට ලීසිං හා ණය පහසුකම්වලට අදාළ පොලී අනුපාත පහළ දමන ලෙස මහබැංකුවෙන් කර ඇති දැනුම් දීම් අනුව පොලී අනුපාත අඩු කර නොමැති ලීසිං ආයතන එම දැනුම් දීම පදනම් කරගනිමින් පාරිභෝගිකයින් නොමග යවන ආකාරයේ දැන්වීම් පළ කරමින් සිටින බවයි.
ඒ අනුව, උදාහරණයක් වශයෙන් සාමාන්‍යයෙන් රුපියල් කෝටියක් පමණ වටින වාහනයක ඡායාරූපයක් ප්‍රදර්ශනය කරමින් ඒ සඳහා සාමාන්‍ය උපරිම ලීසිං මුදල ලබා ගතහොත් මාසික වාරිකය රුපියල් 170,000කට අධික වන පසුබිමක වාරිකයක් රුපියල් 85,000ක් පමණ වන බවට දැන්වීම් පළ කරන බවයි. එහිදී කිසිවිටෙක පොලී අනුපාතය, ලීසිං මුදල හෝ මුලින් ගෙවිය යුතු මුදල නොදක්වන බවත්, ජනතාව ඒ පිළිබඳ විමසීමේ දී ප්‍රසිද්ධියේ ඒ පිළිබඳ අදහස් නොදක්වා පාරිභෝගිකයින්ගේ දුරකතන අංක ලබාදෙන ලෙස ඉල්ලීම් කරන බවත් වාහන පාරිභෝගිකයින්ගේ ජාතික එකමුතුව පෙන්වා දෙනවා.
සමාජ මාධ්‍ය යොදා ගනිමින් සිදුකරන මෙවැනි ආකාරයේ වංචනික අලෙවික්‍රම මගින් පාරිභෝගිකයින් ඉතාමත් අසීරුතාවයකට පත්වන බවත්, ඔවුන් පවසන වාරිකය අදාළ වන්නේ මුලීක ගෙවීම ලෙස වාහනයේ වටිනාකමින් 60%ක් පමණ මුදලින් ගෙවීමේ දී පමණක් වන බවත් එම එකමුතුව පෙන්වා දෙනවා. ඒ අනුව පොලිය අඩු වී ඇති බව ඇඟවීමට මූලික ගෙවීම වැඩි කර අඩු ලීසිං මුදලකට අදාළ වාරිකය ඔවුන් මෙසේ ප්‍රදර්ශන කරන බව ඔවුන් පෙන්වා දෙනවා.
ඔවුන් පවසන්නේ මෙවැනි උපක්‍රම නැවැත්වීම හා පාලනය කිරීම පාරිභෝගික අධිකාරියේ ප්‍රධානතම රාජකාරියක් බවයි.
පාරිභෝගික අධිකාරියේ රෙගුලාසි අනුව වෙළඳ භාණ්ඩයක් පිළිබඳ දැන්වීම් පළ කිරීමේ දී අදාළ භාණ්ඩයේ සම්පූර්ණ මිල සඳහන් කිරීම අත්‍යවශ්‍ය බවට ගැසට් නිවේදනයකින් දක්වා ඇති බවයි. එසේම ගෙවීමේ පදනම මත ලබා දීමට අදාළ දැන්වීමක් නම් එහි සම්පූර්ණ මුදල, මූලික ගෙවීම හා වාරිකයත්, පොලී අනුපාතයත්, වාරිකය අදාළ වන ණය මුදලත් සඳහන් කිරීම අත්‍යවශ්‍ය බව වාහන පාරිභෝගිකයින්ගේ ජාතික එකමුතුව පෙන්වා දෙනවා.
යම් ආයතනයක් එය අනුගමනය නොකර කටයුතු කරන්නේ ඒ පිටුපස අනිවාර්ය ලෙසම වංචාවක් සිදුවීම හේතුවෙන් බැවින් එවැනි ආයතන මග හරින ලෙස ඔවුන් වාහන පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

