දේශපාලන

දයාසිරි මහලේකම්ධූරයෙන් ඉවත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර ඉවත්කර තිබේ.

සැප්තැම්බර් 05 දිනැතිව සහ පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ලිපියකින් දන්වා ඇත්තේ දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වෙන බවත්, ඒ සම්බන්ධයෙන් දින 14ක් ඇතුළත විනය කඩ කිරීම සම්බන්ධව චෝදනා පත්‍රයක් එවීමට කටයුතු කරන බවත් එම ලිපියෙන් දන්වා තිබෙනවා.

රිවිර.lk වෙත වාර්තා වන පරිදි මධ්‍යම පළාත් හිටපු මහඇමතිවරයෙකු හා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ සරත් ඒකනායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව මහ ලේකම්වරයා ලෙස පත් කිරීමට නියමිතයි.

පසුගිය දා මාධ්‍ය වෙත වාර්තා වූයේ දයාසිරි ජයසේකර, ශාන් විජයලාල් ද සිල්වා, දුෂ්මන්ත මිත්‍රපාල හා අංගජන් රාමනාදන් යන මන්ත්‍රීවරුන් විසින් පක්ෂ සභාපතිවරයාට දැඩි චෝදනාත්මක ලිපියක් යොමු කරමින් පක්ෂයේ පරිහානියට සභාපතිවරයා වගකිව යුතු බව ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් යම් තීරණයක් ගැනීමට සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් පසුගිය දා හිටපු ජනාධිපතිවරයාගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කළේ දයාසිරි ජයසේකර ඉවත් කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි. නමුත් එම ප්‍රකාශය බොරු ප්‍රකාශයක් කරමින් පැය කිහිපයක් තුළ පක්ෂ මහලේකම්වරයා ඉවත් කිරීම හාස්‍යජනක සිදුවීමකි.

Rivira FB Group Rivira Youtube
To Top