දේශපාලන

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපයේ සහය රනිල්ට ද?

2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලබා දීමට සූදානම් වන බව ශ්‍රීලනිපය සුරැකීමේ එකමුතුව පවසනවා. පක්ෂයේ එකඟතාවයකින් තොරව අමාත්‍යධූර ලබාගත් ශ්‍රීලනිප අමාත්‍යවරුන්ට පක්ෂය තහනම් කර තිබූ පසුබිමක පසුගිය දා එක්වරම ඔවුන්ට යළිත් පක්ෂ සංවත්සරයට ආරාධනා කළේ එම ක්‍රියාවලියේ පළමු පියවර ලෙස බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

නමුත් පක්ෂ අභ්‍යන්තරයේ බොහෝ දෙනෙකුගේ මතය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිදු කණ්ඩායමක අතකොලුවක් බවට පත් නොවිය යුතුය යන ස්ථාවරය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර එම මතයේ දැඩි ලෙස සිටි බවත්, ඔහුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ධූරයෙන් ඉවත් කිරීමට හේතුවූයේ එය බවත් එම එකමුතුව පවසනවා.

මේ වනවිට පක්ෂ නායකයින් පොදු මතය පසෙකලා කටයුතු කරන බවත්, තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් තීරණ ගන්නා බවත්, පුද්ගලික ලාභ අපේක්ෂාවෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය ලබා දීමට කටයුතු කරමින් සිටින බවත්, එසේ වුවහොත් ශ්‍රීලනිපයේ බෝඩ් ලෑල්ලවත් ඉතිරි නොවන බවත් ශ්‍රීලනිප සුරැකීමේ එකමුතුව පවසනවා.

Rivira FB Group Rivira Youtube
To Top