ජීවිතය

මරියතුමියගේ වම් ඇසින් කඳුළු ගලයි!

හැටන් කුඩාගම ප්‍රදේශයේ කිතුනු භක්තිකයෙකුගේ නිවසේ තැන්පත් කර තිබු ශාන්ත මරියතුමියගේ පිලිමයක වම් ඇසින් රත් පැහැයෙන් යුතු යමක් ගලන බව නිරීක්ෂණය කළ කිතුණු භක්තිකයෙකු සැප්තැම්බර් 10 දින එම ප්‍රතිමාව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය වෙත වඩම්මවා භාරදී ඇති අන්තනී ප්‍රනාන්දු පියතුමන් පවසනවා.

සැප්තැම්බර් 11 දින අලුයම වන විට ඇසින් ගලා ගිය ශ්‍රාවය වියලි ගොස් තිබූ බවත්, එම තත්වය ඕනෑම අයෙකුට පියවි ඇසි දැකගත හැකි බවත් පැවසූ පියතුමන් සඳහන් කළේ ප්‍රතිමාව තැන්පත් කළ වෙලාවේ පටන් ශාන්ත මරියතුමියගේ දේව ප්‍රතිමාව දැක බලා ගැනිමට සහ යාඥා කිරිමට විශාල කිතුනු බැතිමතුන් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් දේවස්ථානය වෙත පැමිණෙන බවයි.

හැටන් පොලීසිය සඳහන් කළේ පියතුමන් සමග සාකච්ඡා කිරීමෙන් පසු එම ස්ථානයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් රැසක් යොදවා ඇති අතර ආරක්ෂක සැලැස්මක් ද ක්‍රියාත්මක කර ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top