ඇපල් විසින් නව ටයිටේනියම් කවචයක්, වේගවත් චිපයක් සහ වැඩිදියුණු කළ වීඩියෝ ක්‍රීඩා කිරීමේ හැකියාවන් ඇතුළත් නව iPhone මාලාවක් සැප්තැම්බර් 12 දින නිකුත් කරන ලදී.
සැප්තැම්බර් 22 දින සිට වෙළඳපොලට නිකුත් වන iPhone 15 මාදිලිය සමඟ ඇති ලොකුම පුදුමය වන්නේ ගෝලීය ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ පසුබෑම පිළිබිඹු කරමින් එම නිෂ්පාදනවල මිල ඉහළ නොදැමීමයි. ඒ අනුව ඇපල් සමාගම නවතම දුරකතන නිකුත් කරන පැරණි මිල ගණන් යටතේම නවතම මාදිලිය නිකුත් කිරීම සුවිශේෂීම සිදුවීම ලෙස සැළකෙන අතර මිල ගණන් ඉහළ දමනු ඇති බවට වූ සියලු පුරෝකථනයන් අසාර්ථක කිරීමට සමත්ව තිබෙනවා.
Apple’s Cupertino, California, මූලස්ථානයේ මෙම උත්සවය පැවැත්වූයේ අන්කවරදාටත් වඩා, විශේෂයෙන්ම Apple හි තුන්වන විශාලතම වෙළඳපොල වන චීනයේ, රජයේ කාර්යාලවල iPhone භාවිතා කිරීම සීමා වීම ඇතුළු පුළුල් සීමාවන්ගේ අභියෝගවලට මුහුණ දෙන ආර්ථික අවිනිශ්චිතතාවය මධ්‍යයේ ය.


