දේශීය පුවත්

අරගලය සමයේ හානි වූ නිවාස වෙනුවෙන් මන්ත්‍රීන්ට සුපිරි වන්දියක්

  • මන්ත්‍රීන් 13කට මිලියන 700ක්
  • මන්ත්‍රීන් 31කට මිලියන 714ක්

2022 වසරේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහ එම ආණ්ඩුවට එරෙහිව දියත් කෙරුණු අරගලයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් පහරදීමත් සමග රට තුළ සාමය බිඳ වැටීම හේතුවෙන් සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා අතරතුර එවකට ආණ්ඩු පක්ෂය නියෝජනය කළ මන්ත්‍රීන්ගේ නිවාස රැසකට හානි සිදුව තිබූ අතර එම හානි වූ නිවාස වෙනුවෙන් බදු ගෙවන ජනතාවගෙන් මුදලින් හානි පූරණ වන්දි ගෙවීමට තීරණය කර තිබෙනවා.

ඒ අතර ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ පාර්ලිමේන්තු කටයුතු අංශය විසින් සිදුකරනු ලබන අදාළ වන්දි ගෙවීමේ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින අතර මන්ත්‍රීවරුන් සඳහා රජයෙන් ගෙවීමට නියමිත වන්දි මුදල රුපියල් මිලියන 1,414 ක් දක්වා ඉහළ ගොස් ඇති බව අනාවරණය කෙරුණා. එම තොරතුරු අනුව මේ වනවිටත් රුපියල් මිලියන 714 ක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකු වෙත ගෙවා ඇති අතර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකුටත් හානි පූර්ණ වන්දි මුදල් වශයෙන් රුපියල් මිලියන 700ක් ගෙවීමට තීරණය කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග පවසන්නේ එම මන්ත්‍රීවරුන් 13 දෙනා වෙනුවෙන් ගෙවීමට නියමිත මිලියන 700ක මුදල සඳහා මේ වනවිටත් කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top