දේශීය පුවත්

සැප්තැම්බර් මස රාජ්‍ය සේවක වැටුප් වැඩිවන බවට පැතිර යන ප්‍රචාරයන් අසත්‍යයි

සැප්තැම්බර් මස සිට රාජ්‍ය සේවකයින් වෙනුවෙන් අතිරේක දීමනාවක් ලබාදෙන බවට සමාජජාල තුළ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් රිවිර.lk කළ විමසීමක දී මුදල් අමාත්‍යංශ නිලධාරියෙකු සඳහන් කළේ එවැනි වැටුප් වැඩි කිරීමක් හෝ දීමනාවක් ලබා දීමේ තීරණයක් ගෙන නොමැති බවයි.

වැටුප් හා දීමනා ඉහළ දමන ලෙස පාර්ශව රැසකින් ඉල්ලීම් ලැබී තිබුණත් ආණ්ඩුව මෙතෙක් එවැනි තීරණයක් ගෙන නොමැති බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළා.

රාජ්‍ය සේවකයින් සඳහා අවම වශයෙන් රුපියල් 20,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව වෘත්තීය සමිති රැසක් ප්‍රකාශ කර සිටියා. ඔවුන් පවසන්නේ ඉක්මන් වැටුප් වැඩිවීමක් ලබා දීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සමස්ත රාජ්‍ය සේවකයින්ගේ සහභාගීත්වයෙන් අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර 2024 වර්ෂය සඳහා වැටුප් ගෙවන දිනයන් මුදල් අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, ගුරුවරුන්ට හා ආරක්ෂක හමුදා සාමාජිකයින් වෙත අනෙක් රාජ්‍ය සේවකයින්ට පෙර වැටුප් ලබා දීම සිදුකෙරෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top