විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල මාර්ග ඔස්සේ එවනු ලබන මුදලින් 50%ක ප්‍රමාණයකට වාහනයක් ගෙන්වීමට අවසර ලබා දීමට රජය තීරණය කර තිබුණා. ඒ අනුව මේ වනවිට වාහන 135ක් 140ක් පමණ ප්‍රමාණයක් මෙරටට ආනයනය කර තිබෙනවා. මාධ්‍යවේදී හරේන්ද්‍ර ජයලාල් වාහන ආනයනකරුවෙකු සමග සිදුකළ සාකච්ඡාවක දී එය අනාවරණය කෙරුණ අතර එලෙස මෙරටට ගෙන්වූ වාහනවලින් වාහන 100කට අධික ප්‍රමාණයක් ගෙන්වා ඇති ආනයනකරු අලෙවි කෙරෙන මිල ගණන් සම්බන්ධයෙන් ද අනාවරණයක් සිදුකරනු ලැබුවා.
එහිදී උදාහරණයක් වශයෙන් පෙන්වු පෝර්ෂ් මෝටර් රථයක් මෙරටට ආනයනය කිරීමේ දී CIF වටිනාකම ඩොලර් 75,000ක් බව පැවසූ වාහන ආනයනකරු පෙන්වා දුන්නේ එම රථයට රුපියල් ලක්ෂ 200ක් බදු වශයෙන් රේගුවට ගෙවූ බවයි. අද දින (සැප්තැම්බර් 22) ඩොලරයක් රුපියල් 324ක් වන අතර ඒ අනුව අදාළ වාහනයේ CIF වටිනාකම රුපියල් 24,315,960ක් එනම් රුපියල් දෙකෝටි හතලිස් තුන්ලක්ෂයක් පමණ වන අතර බදු මුදල එකතු වූ පසු සම්පූර්ණ වටිනාකම රුපියල් හාරකෝටි හතලිස් තුන්ලක්ෂයක් (43,000,0000)ක් පමණ වේ. නමුත් එම ආනයනකරු හරේන්ද්‍ර සමග පවසා සිටියේ එය රුපියල් මිලියන 95ක් එනම් රුපියල් කෝටි නමය හමාරක් පමණ වන බවත් එහි වර්ථමාන වෙළඳපොල වටිනාකම රුපියල් කෝටි 11 ඉක්මවන බවයි. මෙම වාහන ගෙන්වූ අය සාධාරණ මුදලක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.
සම්පූර්ණ වැඩසටහන පහතින්.

